නැ. ජැටියේ තීරණය ගැන ඉන්දියාව දැනුවත් කර නැහැ

නැගෙනහිර ජැටියේ තීරණය ගැන මෙතෙක් ඉන්දියාව දැනුවත් කර නැහැ - උදය ගම්මන්පිල

by Staff writer 02-02-2021 | 6:04 PM

COLOMBO (News 1st) - නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳව මෙතෙක් ඉන්දියාව දැනුවත් කර නැතැයි සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද කියා සිටියේ ය.

මේ අතර -ද හින්දු- පුවත්පත වාර්තා කළේ, මෙම කරුණට අදාළව පාර්ශව 3 ක එකඟතාවක් ඇති බැවින් ශ්‍රී ලංකාව ඒකපාර්ශවිකව තීරණ නොගනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බවයි. අද ඉන්දියාවේ -ද හින්දු- පුවත්පත වාර්තා කළේ, ශ්‍රී ලංකා අගමැතිවරයා නැගෙනහිර පර්යන්තය 100 % ක් වරාය අධිකාරිය සතුව පවත්වාගෙන යන බව ඊයේ ප්‍රකාශ කලත් සාකච්ඡා අවසන් බවට ඉන්දියාව දැනුවත් වී නොමැති බවයි. මේ සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඊයේ පස්වරුවේ ප්‍රතිචාර දැක්විය. එහි සඳහන් වූයේ 2019 ඇතිකරගත් ත්‍රෛයිපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම හා වත්මන් ආණ්ඩුව මාස 03 කට පෙර අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව කටයුතු කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තුවන බවයි. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කර තිබේ.