කොරෝනා වැළඳී සිටි වෛද්‍යවරයා මියයයි

දරුවන් බේරා ගන්නා 'රත්තරන් දොස්තර' මියයයි

by Sagarika Chathumali 02-02-2021 | 12:25 PM

COLOMBO (News 1st) : වසරක කාලයක් පුරා කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීමට දිවා රෑ නොබලා වෙහෙස වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා අද ජීවිතක්ෂයට පත්විය.

32 හැවිරිදි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා කෝවිඩ් ආසාදනය වී මියගිය මෙරට පළමු වෛද්‍යවරයායි. රාගම රෝහලේ සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහු මුල්ලේරියාව රෝහලටත් ඉන්පසු කරාපිටිය ශික්ෂණ රෝහලටත්ඇතුළත් කෙරිණ. වෛද්‍යවරයා මිය ගොස් ඇත්තේ, පසුව මතුවූ මතු වූ සංකූලතා හේතුවෙනි. වෛද්‍ය දන්තනාරායන ප්‍රකටව සිටියේ දරුවන් බේරා ගන්නා 'රත්තරන් දොස්තර' ලෙසයි.