හිතුවක්කාර විදියට කටයුතු කරන්න දෙන්න බෑ

හිතුවක්කාර විදියට කටයුතු කරන්න දෙන්න බෑ - චමල් රාජපක්ෂ

by Staff writer 01-02-2021 | 9:05 PM

COLOMBO (News 1st) : තණමල්විල, දහයියාගල අභය භූමියට අයත් ඉඩම්වල කොටස් එළිපෙහෙළි කර වෙන්කර ගැනීමට ඊයේ අවට ගම්මාන කිහිපයක පිරිස් උත්සාහ කළේ ය .

ඔවුන් පැවසුවේ, වගා කටයුතු සඳහා ඉඩම් නිදහස් කරන්නේ නම්, එම බිම් කොටස්ද වගාවන් සදහා ලබා දෙන ලෙසයි. කෙසේ නමුත් උඩවලව ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ඇතුළු ජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගම්මුන්ට නිසි නීතිමය තත්ත්වය පැහැදිලි කර ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ ය. මෙවැනි රක්ෂිත එළිකිරීමේ සිද්ධින් පිළිබඳව අද ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් අදහස් පළ කළේ ය. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා
අපි ඒවා වහාම නතර කරනවා එහෙම හිතුවක්කාර විදියට කටයුතු කරන්න දෙන්න බෑ. සියලුම රක්ෂිතයන් ආරක්ෂා කරගෙන ඒ වගේම අලි මංකඩවල් ආරක්ෂා කරගෙන වනජීවී කලාපවල තියෙන ප්‍රදේශ ආරක්ෂා කරගෙන තමයි මේවා ඉටු කරන්න ඕනේ . ප්‍රශ්නය - ගම සමග පිළිසඳරක් වැඩසටහනින් පස්සේ තමයි මේ දේ කරනවා කියලා. ගොවීන්ට වගා කරන්න අවස්ථාව දෙන්න කියලා ඒ හින්දා තමයි මේ ඩෝසර් කරන්නේ කියන කාරණාව තමයි ඔවුන් සඳහන් කරන්නේ.
වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා
ඒ ගම සමග පිළිසඳරක් වැඩසටහනට මමත් වාරිමාර්ග අමාත්‍යංශයෙන් සහභාගි වුණා. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා ඒ වෙලාවේ ප්‍රකාශ කළේ සමහර මැනීම්වලදී ඒගොල්ලෝ සම්ප්‍රදායිකව වගා කළ ඉඩම් අහිමි වෙලා තියෙනවා . වනාන්තර නොවෙයි ඒවා ඉතින් ඒ සම්බන්ධව නැවත සමීක්ෂණයක් කරලා වනාන්තර ස්වරූපයේ නොවෙන ඒවා නියමානුකූල කරන්න කියලා තමා එතුමා උපදෙස් දුන්නේ . රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ජනාධිපතිතුමාගේ අදහස හරි. නමුත් අලුතින් කැළෑ එළි කරලා බිම් අල්ලගන්න දෙන්න බෑ. අපි ඒක නතර කරන්න ක්‍රියාමාර්ග අරන් තියෙනවා.වනජීවී වනසංරක්ෂණ දෙපාර්තමේන්තු 2 ටම කියලා තියෙනවා බලහත්කාරෙන් ඉඩම් අල්ලන්න දෙන්න එපා අපි මුදාහරිනකන් කියලා .