by Staff writer 01-02-2021 | 5:47 PM
COLOMBO (News 1st) : රුපියල් බිලියන 11කට අධික මුදලක් රජයට අහිමි කරමින් සිදු කරන ලද බව කියන සීනි වංචාව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
එම පැමිණිල්ල ගොනු කරමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ , සීනි වංචාව පිළිබඳ අල්ලස් කොමිසමේ පරීක්ෂණයෙන් නොනැවතී මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ද පත්කොට වරදකරුවන්ට දඬුවම් දිය යුතු බවයි.
මෙම පැමිණිල්ල ගොනු කිරීම සඳහා සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි, ජාතික සංවිධායක චමිත් විජේසුන්දර සහ නීතිඥ මාධව ජයවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දැක්වූ දිසානායක මහතා පෙන්වා දුන්නේ , සීනී ආනයනික බද්ද කිලෝවකට රුපියල් 50සිට ශත 25ක් අඩු කිරීමත් ඒ සමග එක්තරා පුද්ගලික සමාගමක් විසින් සීනි මෙට්‍රික් ටොන් 73,000ක් මෙරටට ආනයනය කිරීමත් සමග විශාල අලාභයක් සිදුවී තිබෙන බවයි.
මෙලෙස ශත 25 බද්දට සීනි මෙට්‍රික් ටොන් 73, 000ක් ගෙන්වූවත් වෙළඳපොළේ සීනි මිල අඩු වී නොමැති බව මයන්නත දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.