බස්නාහිර පාසල් ලබන 15 යළි විවෘත කරන ලකුණු?

බස්නාහිර පාසල් ලබන 15වැනිදා යළි විවෘත කරන ලකුණු?

by Staff writer 01-02-2021 | 6:23 PM

COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ පාසල් සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතියට යටත්ව ලබන 15 වැනිදා යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය. බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් මේ වනවිට පාසල් විවෘත කර තිබේ. පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණි විවෘත කිරීම පිළිබඳව කළුතර, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්කර සාකච්ඡා කර ඇති අතර එහිදී පාසල්වලින් බහුතරයක් යළි විවෘත කිරීමට දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරින්ට හා සෞඛ්‍ය බලධාරින් එකඟතාව පළ කර ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය.