යාලදී දැක ගත් අපූරු දර්ශන පෙළක්.....

මී හරක් රංචුවක් දිවියකුගේ ග්‍රහණයෙන් සිය පැටියා බේරා ගත් ගත් අපූරු දර්ශන පෙළක්....

by Staff writer 01-02-2021 | 4:53 PM

COLOMBO (News 1st) : මී හරක් රංචුවක් කුසගින්නෙන් පෙළුණු දිවියෙකුගේ ග්‍රහණයට හසු වූ සිය පැටවකු බේරා ගනිමින් සිය ශක්තිය ප්‍රකට කළ අපූරු සිදුවීමක් යාල ජාතික වනෝද්‍යානයේ වාර්තා විය.

මෙම දුර්ලභ මෙන්ම සුවිශේෂී සිදුවීම් ජාලය පියවරෙන් පියවර කැමරා කාචයට හසු කර ගන්නා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු පසුව සිය Twitter ගිණුමේ පළ කර තිබිණ. ඇන්ඩෲ ඇතුළු පිරිස යාල වනෝද්‍යානයෙන් පිටතට යමින් සිටියදී ජූලියස් නමින් හැඳින්වෙන දිවියා ගසක් මත සිටිනු දැක විනාඩි 20 ක පමණ කාලයක් සත්ත්වයා නිරීක්ෂණය කරමින් සිට තිබේ. පසුව හදිසියේම ගස මත  සිටි දිවියාට කුඩා මී හරක් කණ්ඩායමක් සමග පාරේ ඇවිඳින කුඩා පැටවා ග්‍රහණයට ගැනීමේ අරමුණින් මාන බලනු දැක ගත හැකි ය. පසුව මී හරකුන් කණ්ඩායමේ සිටි පැටවා වෙත කඩා පනින දිවියා පැටවා ඇඳගෙන යාමට තැත් කළ ද වටා සිටි මී හරකුන් ඒ සඳහා දිවියාට අවස්ථාව ලබා නොදෙයි. අවසානයේ දිවියා ගසක් මතට නගින අතර දිවියාට මෙන්ම පැටවාට ද තුවාල සිදුව ඇති අයුරු පිරිස නිරීක්ෂණය කර ඇත. මෙම සිද්ධි දාමයේ දර්ශන පෙළ පහතින් නිරීක්ෂණය කළ හැකියි... https://www.youtube.com/watch?time_continue=1&v=jmEv9LLBaPo&feature=emb_logo