ඌව සරසවියට නව උපාධි ඒකකයක්

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඒකකය ඇරඹේ

by Staff writer 01-02-2021 | 3:39 PM

COLOMBO (News 1st) : ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඒකකය ඊයේ(31) ආරම්භ විය.

මෙම උත්සවය පැවැත්වුණේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඒකකය සඳහා සිසුන් 69 දෙනෙකු මෙම වර්ෂයේදී ලියාපදිංචි වී තිබේ. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවය නිරෝධායන නීතීන්ට අනූකූලව පැවැත්විය.