පූඩළුඔය රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මරුට

by Staff writer 31-01-2021 | 3:47 PM

COLOMBO (News 1st) - පුඩළුඔය - ගම්පොල ප්‍රධාන මාර්ගයේ නියන්ගන්දර ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. යතුරුපැදිකරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරුට හේතුව වන්නට ඇතැයි පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.