by Staff writer 31-01-2021 | 8:05 PM
COLOMBO (News 1st) - කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති කමිටුව අද පස්වරුවේ රැස්වූ අතර එහි වාර්තාව අද රාත්‍රියේ හෝ හෙට උදෑසන විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට භාර දීමට සැලසුම් කර තිබේ.
එම කමිටුවේ සභාපති වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව කමිටු නිර්දේශ සහ කැබිනට් පත්‍රිකාවක් හෙට විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවයි.
අලුත් යෝජනාවක් කෙසේ සකස් වෙයිද?
ඊයේ මාධ්‍ය හමුවකට එක්වූ වියත්මග සාමාජික රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියා සිටියේ ඒකාබද්ධව ක්‍රියාකළ වෘත්තීය 23න් 22ක් අත්සන් කළ යෝජනාවක් මේ වනවිට ජනාධිපතිවරයාට භාර දී ඇති බවයි.
සෞභාග්‍යයේ දැක්ම 58වන පිටුවේ කොළඹ වරාය පිළිබඳව සදහන් වන්නේ මෙසේය.
උපුටා ගැනීම,
"කොළඹ වරායේ ප්‍රතිඅපනයන බහලුම් පර්යන්ත ප්‍රමාණය ඉහළ නංවන ජාත්‍යන්තර මගී පර්යන්තයක් අලුතින් ආරම්භ කර දැනට මෙහෙයුම් නොකරන නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භකර එහි ඉතිරි කොටස නොපමාව ඉදිරකරනු ඇත.බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික ආයෝජනද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ.නැගනහිර පර්යන්තය සහ එස්.ඒ.ජී.ටී. අතර කොටසෙහි නව පර්යන්තයක් ඉදිකිරීම සදහා ඇති ශක්‍යතාව අධ්‍යයනය කෙරේ."
මේ අනුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නැගෙනහිර වරාය හවුල් ව්‍යාපාරයක් හෝ වෙනත් ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක කරන බවක් සඳහන්ව නැත.
නමුත් බටහිර පර්යන්තය ගැන පැහැදිලිව එහි සඳහන් කර ඇත්තේ එය පෞද්ගලික ආයෝජන ද යොදාගෙන ආරම්භ කරන බවයි.
ශ්‍රී ලංකා මුහුදේ ඉතා වටිනා පිහිටීමක් ඇති කොළඹ වරායේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන පර්යන්ත පහත පරිදි වේ.
වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය, පෞද්ගලික අංශයට වැඩි කොටස් හිමි එස්.ඒ.ජී.ටී. පරියන්තය, චීනයට වැඩි කොටස් හිමි සී.අයි.සී.ටී. පර්යන්තය හා වෘත්තීය සමිති අරගලයෙන් පසුව දැනට වරාය අධිකාරිය ක්‍රියාත්මක කරන නැගෙනහිර පර්යන්තය.
බටහිර පර්යන්තයට අදාළව මෙතෙක් කිසිදු ඉදිකිරීමක් සිදුව නොමැත.
නමුත් ශ්‍රී ලංකා මුහුදේ ගැඹුරු වරායක් ලෙස විශාල නෞකා පහසුවෙන් හැසිරවිය හැකි පර්යන්තයක් බටහිර කොටසේ ඉදිකිරීමට සියලු සාධක පවතී.