රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත

රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත

රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත

කර්තෘ Staff writer

31 Jan, 2021 | 6:40 am

COLOMBO (News 1st) – රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, තෝරා ගැනීම්වලින් අනතුරුව විභාග ප්‍රතිඵල අපේක්ෂකයින්ට නිකුත් කරන බවයි.

පසුගිය පෙබරවාරි මාසයේදී එම විභාගය පැවැත්විය.

මේ අතර රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල හා ශ්‍රි ලංකා ගණකාධිකාරී සේවයට බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරග විභාගවල ප්‍රතිඵල ද කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]