ජනතා යහපතට නව නීති සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

වනජීවි, වන සංරක්ෂණ නීති ජනතා යහපතට ඉවහල්වන අයුරින් සැකසීමට ජනපති උපදෙස්..

by Staff writer 30-01-2021 | 8:01 PM

COLOMBO (News 1st) – වන ජීවී වන සංරක්ෂණ පරිසර ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල් වන අයුරින් නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබේ.

ඒ ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී ජනතාවගෙන් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ය. ජනාධිපතිවරයා මේ අදහස් පල කළේ, තණමල්විල , අලුත්වැව, කුකුල්කටුව වැව් ඉස්මත්තේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක් වෙමින් ය. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ ගම සමග පිළිසඳරක් වැඩ සටහනෙහි 08 වන වැඩසටහන අද පැවැත්විය. පවතින ගැටලු නිරාකරණය කරමින් නව නීති සැකසීමත් සමග වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන සමග නඩු කියමින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසනු පිණිස ජනාධිපතිතුමා මෙම තීරණයට එළැඹ තිබේ. ගැටලු නිරාකරණය කර අවසන් වරට සැකසූ ඔප්පු 17,000 කට තමන ඊයේ වනවිට අත්සන් තැබූ බව ද ජනාධිපතිතුමා මෙහිදී හෙළි කළේ ය.