රුමේනියාවේ කොරෝනා රෝහලක ගින්නක්

රුමේනියාවේ කොරෝනා රෝහලක ගින්නක්: 4ක් මරුට

by Chathurika Jayasundara 30-01-2021 | 5:32 PM

COLOMBO (News 1st) – රුමේනියාවේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් මියගිය සිව්දෙනාම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගීන් බව ද වාර්තා වේ. රුමේනියාවේ, බුකාරස්ට් අගනුවර පිහිටි රෝහලක මෙම ගින්න හටගෙන තිබුණේ ඊයේ (29) දිනයේදී ය. ගින්න ඇති වූ අවස්ථාවේදීම ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පසුව මිය ගිය බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්න පැතිර යාමත් සමග 100 කට අධික රෝගීන් පිරිසක් ඉවත් කළ බව ද වාර්තා වෙයි. ඔක්තෝබර් මාසයේදී ද බුකාරස්ට්හි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 64 දෙදෙනෙකු මියගොස් තිබේ . රුමේනියාව COVID-19 වසංගතය හමුවේ දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටී.