ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි..

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි..

by Staff writer 30-01-2021 | 4:47 PM

COLOMBO (News 1st) –  නැගෙනහිර පළාතෙත්, පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට(31) දිනයේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාතෙත්, ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50 ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි. පස්වරු 2.00න් පසු එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.