by Staff writer 30-01-2021 | 8:25 PM
COLOMBO (News 1st) – නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසදා ගැනීම සඳහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ(29) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා 6 ක් ඉදිරිපත් කර තිබුණි.
මුල් අවස්ථාවේ වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනා අතර
? භූ දේශපාලන අර්බුධය විසඳා ගැනීම සදහා බටහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය සමග සංවර්ධනය කිරීම
? ඒ සඳහා දැනට CICT සමාගම පිහිටුවීමේදී අත්සන් කළ ගිවිසුමට සමාන ගිවිසුමක් අත්සන් කළ යුතු බව
? නැගෙනහිර පර්යන්තය ලබා දීමේ තීන්දුව සහ බටහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානය සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය එකවර ලබා ගත යුතු බව
යන කරුණු දැක්වෙයි.
කෙසේ නමුත් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අද පස්වරුවේ මාධ්‍යයට නිකුත් කළ නිවේදනයේ එම කරුණු
සංශෝධනය වී තිබේ.
? ඒ අනුව බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය විසින් ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලියන් සඳහා අනුකූලතාව දැක්වීම
? නැගෙනහිර පර්යන්තය සියයට සීයයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය හා කළමනාකාරීත්වය යටතේ පමණක් සංවර්ධනය කිරීම පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා ගැනීම
එහි දක්වා ඇති සංශෝදනයි.