by Staff writer 30-01-2021 | 10:07 PM
COLOMBO (News 1st) – ඉන්දියාවේ ගොවීන් නව කෘෂිකාර්මික නීතිවලට විරෝධය පළ කරමින් අද දින එක්දින උපවාසයක් ආරම්භ කළේ ය.
අද වනවිට මේ විරෝධතා අතරතුර ගොවීන් 70කට අධික පිරිසක් මියගොස් තිබේ.
අදානි සහ අම්බානි වැනි මහා පරිමාණ ව්‍යාපාරවලට වාසිදායක අයුරින් පනත් 3 ක් වෙනස් කිරීමට ඉන්දීය රජය දරන උත්සායට විරුද්ධව මේ ගොවි විරෝධතා නවදිල්ලියේ අගනුවර ක්‍රියාත්මක වේ.
පසුගිය අඟහරුවාදා පැවති එරට ජනරජ දිනයේදී ගොවි විරෝධතා පෙළපාලි වඩාත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයෙන් ක්‍රියාත්මක විය.
විරෝධතාකරුවන් කලින් එකඟ වූ මාර්ගවලින් බැහැරව බාධක ඉරා දමා පොලිසිය සමග ගැටුම් ඇති කර ගත් අතර, පොලිසිය කඳුළු ගෑස් භාවිතා කර ඒවා වළක්වා ගැනීමට උත්සාහ කළේ ය.
ඉන්දීය නිදහස් නායක මහත්මා ගාන්ධිතුමන් සැමරුමට සමගාමීව අද පැවැත්වෙන උපවාසය විරෝධතාකරුවන්ගේ සාමකාමී බව පෙන්වන්නේ යැයි ගොවි නායකයින් ප්‍රකාශ කර තිබේ.
මේ අතර හිටපු පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොන්ග්‍රස් මන්ත්‍රීවරු ඊයේ පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය තුළ අසුන් ගත්තේ නව ගොවි නීති 3 ක් ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින් ය.
අයවැය සැසිවාරයේ පළමු දිනයේදී පාර්ලිමේන්තු මන්දිර සංකීර්ණයේ මහත්මා ගාන්ධිගේ පිළිරුව ඉදිරිපිට දී මන්ත්‍රීවරු විරෝධතාවය පවත්වා තිබේ.
ඒ, කළු නීති ආපසු ගනු - යන සටන් පාඨය ද ප්‍රකාශ කරමින් ය.
මේ වනවිට ගොවි සමිති හා රජය අතර වට 11ක සාකච්ඡා පැවතියද ඒ සියල්ල අසාර්ථක වී ඇතැයි සඳහන් ය.
මාස 18 ක් සඳහා නව නීති අත්හිටුවීමට රජය ඉදිරිපත් වී ඇති නමුත් ගොවීන් පවසන්නේ, ඔවුන්ගේ විරෝධතා සම්පූර්ණයෙන් අවලංගු නොකරන බවයි.