මෙරට 37,825කට කොරෝනා එන්නත්

දින 2ක් තුළ මෙරට 37,825 දෙනෙකුට කොරෝනා එන්නත්

by Chathurika Jayasundara 30-01-2021 | 9:10 PM

COLOMBO (News 1st) – මෙරට කොරෝනා එන්නත් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව අද(30) පස්වරු 7.45 වනවිට එන්නත ලබාගත් පිරිස මෙසේ ය. ඊයේ(29) දින කොරෝනා එන්නත 5, 286 ක පිරිසක් ලබා ගත්තේ ය . එමෙන්ම අද(30) දින 32,539 දෙනෙකු කොරෝනා එන්නත ලබා ගෙන තිබේ. ඒ අනුව අද(30) පස්වරු 7.45ට වනවිට 37,825 දෙනෙකු එන්නත ලබාගත් පිරිස අතර වේ. ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය ඊයේ (29) නිල වශයෙන් ආරම්භ විය. ඒ, කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාතනයේදී ය. එම එන්නත් වැඩසටහන ආරම්භ කළේ, ඉදිරි පෙළ කොරෝනා මර්දන කටයුතුවල නිරත හමුදා නිලධාරීන් 3 දෙනෙකුට පළමුව එන්නත ලබා දීමෙන් ය.