හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයින

කටාර්හිදී හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

by Staff writer 30-01-2021 | 1:57 PM

COLOMBO (News 1st) - කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයින් 293 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරු සඳහන් කළේ, අද අලුයම පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි. මේ අතර අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ ගුවන් යානා 20 කින් මගීන් 681 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළට ළඟා විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 83 දෙනෙකු, අබුඩාබිහි සිටි 77 දෙනෙකු පකිස්ථානයේ සිටි 39 දෙනෙකු ද බංග්ලාදේශයේ සිටි 34 දෙනෙකු ද පැමිණි පිරිසට ඇතුළත් ය.