අම්බලන්ගොඩ ග්‍රාමීය බැංකුවක මුදල් කොල්ලයක්

අම්බලන්ගොඩ ග්‍රාමීය බැංකුවක් කොල්ල කෑ ගුවන් හමුදා සෙබළා අත්අඩංගුවට

by Staff writer 30-01-2021 | 12:55 PM

COLOMBO (News 1st) - අම්බලන්ගොඩ, උස්මුදුලාව ග්‍රාමීය බැංකුව මුදල් කොල්ල කා පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ආරක්ෂිත හිස්වැසුමක් හා ජැකට්ටුවක් පැළඳ පැමිණි සැකකරු බැංකුවේ කළමනාකාරිය බිය ගන්වා මෙම මුදල් කොල්ලය සිදු කර ඇති බවයි. ඔහු පැහැර ගෙන ගොස් ඇති මුදල රුපියල් 136,000 කි. 44 හැවිරිදි සැකකරු ගුවන් හමුදා සෙබළෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් හා දේශීයව නිෂ්පාදිත අත්බෝම්බයක් ද සොයා ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.