සරුංගල්, ඩ්‍රෝනවලට සීමා..

සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන පියාසර කරවීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

by Staff writer 29-01-2021 | 5:20 PM

COLOMBO (News 1st) - සරුංගල්, බැලුන් හා ඩ්‍රෝන යානා මේ දිනවල පියාසර කරවීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඒ, 73 වැනි නිදහස් සැමරුමේ පෙරහුරු කටයුතු හේතුවෙනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ, පෙරහුරු කටයුතු වෙනුවෙන් ගුවන් යානා පහළින් පියාසර කරන බවය. මේ හේතුවෙන්, සරුංගල්, ඩ්‍රෝන යානා සහ බැලුන් වැනි දෑ පහළින් පියාසර කරන යානාවලට අනතුරුදායක විය හැකි බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.