බස්නාහිර පාසල් ලබන 15ට පෙර විවෘත කරයි ද?

බස්නාහිර සියලු පාසල් ලබන 15 වැනිදාට පෙර විවෘත කරයි ද?

by Staff writer 29-01-2021 | 4:51 PM

COLOMBO (News 1st) - පෙබරවාරි 15 වැනි දාට පෙර බස්නාහිර පළාතේ සියලු පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ පාසල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ පන්තිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු පමණක් මේ වනවිට සිදුවේ. කොරෝනා එන්නත ලබා දීමේදී ගුරු පරපුරට ප්‍රමුඛතාවක් දිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ ය.