දියවන්නාවට වැටුණු සුඛෝපභෝගී මොටර් රථය

දියවන්නාවට කරණමක් ගැසූ සුඛෝපභෝගී මොටර් රථය

by Staff writer 29-01-2021 | 6:53 AM

COLOMBO (News 1st) – බත්තරමුල්ල, දියවන්නා ඔයට සුඛෝපභෝගී මොටර් රථයක් වැටී තිබේ.

පොලීසිය පැවසුවේ, රියැදුරට වේගය පාලනය කර ගත නොහැකිව මෝටර් රථය දියවන්නා ඔයට වැටී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ පැමිණි දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. පොලිසිය පැවසුවේ, 21 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් රථය ධාවනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.