කොඩිඩ් එන්නත්කරණය රෝහල් 6කදී

කොඩිඩ් එන්නත්කරණය රෝහල් 6කදී

by Staff writer 29-01-2021 | 8:00 AM

COLOMBO (News 1st) – කොරෝනා මර්දන එන්නත්කරණය අද සිට ආරම්භ වෙයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් රෝහල් 6 කදී අද එම කටයුතු ආරම්භ වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය. කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල්, මුල්ලේරියාව , හෝමාගම යන රෝහල් සහ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනවලදී එන්නත්කරණ කටයුතු සිදුවනු ඇති. එන්නත්කරණ කටයුතු අද උදෑසන 9 පමණ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.