ක්‍රිකට් දියුණුවට යෝජනාවලියක් නිවේදනය කෙරේ

ක්‍රිකට් දියුණුවට යෝජනාවලියක් නිවේදනය කෙරේ

by Staff writer 29-01-2021 | 9:44 PM

COLOMBO (News 1st) - ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට නව යෝජනාවලියක් ඉදිරිපත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.

පසුගිය 27 වැනි දා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමගින් සිදුකළ සාකච්ඡාවේ දී අදාළ යෝජනා ඉදිරිපත්ව ඇත. මෙම සාකච්ඡාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අතිරේක ලේකම් - සංවර්ධන ඒ. වීමලවීර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, ජාතික පුහුණුකරු මිකී ආතර්, ජාතික ක්‍රීඩා සභාවේ මහේල ජයවර්ධන, පළමු පෙළ ඉහළ කාර්ය සාධන කමිටුවේ සභාපති සංජීව වික්‍රමනායක, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් තියුමි අබේසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී විය.