සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළටත් COVID එන්නත

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළටත් COVID එන්නත

by Staff writer 29-01-2021 | 12:27 PM

COLOMBO (News 1st) : රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ හා ත්‍රිවිද හමුදාව මෙන්ම පොලීසියට කොරෝනා එන්නත් ලබා දීම අද පෙරවරුවේ ආරම්භ විය.

ඒ කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාතනයේදීයි. මෙම වැඩසටහනේ සාමරම්භක අවස්ථාව පැවැත්වුණේ, ජාතික බොවන රෝග විද්‍යායතනයේදීයි. මේ සඳහා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රන්න්දුපුල්ලේ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී ඇස්ට්‍රා සෙනිකා කොවීෂීල්ඩ් පළමු කොවිඩ් එන්නත ලබා දුන්නේ එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මහතාටයි. මීට අමතරව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ද කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අද පෙරවරුවේ ආරම්භ කෙරිණ. ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. 141 බලසේනාංකයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග, කර්නර් වෛද්‍ය ශවීන් සේමගේ, කපිතාන් වෛද්‍ය පසිදු පෙරේරා යන නිලධාරීන් සඳහා මෙහිදී ප්‍රථමයෙන් එන්නත්කරණය සිදු කෙරිණ. කොළඹ ජාතික රෝහලේදී එහි කාර්ය මණ්ඩලයට මෙම එන්නත ලබා දුන්නේ ය. මෙම වැඩසටහනේ තවත් අදියරක් හෝමාගම මූලික රෝහලේදී පැවැත්විණ. මෙහිදී රෝහල් කාර්ය මණ්ඩල සේවකයින් 250 දෙනෙකුට එන්නත් කිරීමට නියමිතයි. කළුබෝවිල ශික්ශණ රෝහලද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන ස්ථානයකි. ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඊයේ දහවල් දිවයිනට ළඟා විය. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙළ ක්‍රියා කරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.