වැඩි මිලට සීනී අලෙවි කරන්නන් සොයා වැටලීම්

වැඩි මිලට සීනී අලෙවි කරන්නන් සොයා වැටලීම්

by Staff writer 28-01-2021 | 9:12 PM

COLOMBO (News 1st) – වැඩි මිලට සීනී අලෙවි කරන වෙළෙඳුන් සොයා ලබන පළමු වැනිදා සිට දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ, සීනි මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයින්ට නොලැබීමත් සමගයි. මේ වනවිට සීනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 92 කි. ඒ අනුව සීනී කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 100 ක් පමණ විය යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. එහෙත් වෙළෙඳ පොළේ සීනී කිලෝග්‍රෑමයක මිල රුපියල් 115 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැළකිල්ලට ගනිමින් වැටලීම් ක්‍රියාත්මකයි.