වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..

වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..

by Staff writer 28-01-2021 | 8:02 AM

COLOMBO (News 1st) - සත්‍යග්‍රහයේ නිරත වල්සපුගල ගොවීන් අද උදෑසන දේව කන්නලව්වක නිරත විය.

දේව කන්නලව්වට සමගාමීම දේව දානයක ද පිරිනමා තිබේ. සූරියවැව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් හම්බන්තොට වල්සපුගල ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද ක්‍රියාත්මක වන්නේ 11 වැනි දිනටය. වල්සපුගල ගොවි සත්‍යග්‍රහය පැවති ස්ථානයට, ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලතරන හිමියන් ඊයේ පස්වරුවේ වැඩම කළහ.