මාදම්පේ වැලි කැණීම් ගැන භූ විද්‍යා අධ්‍යයනය අවසන්

මාදම්පේ වැලි කැණීම්: භූ විද්‍යා අධ්‍යයන වාර්තාව ලබන බදාදා පරිසර ඇමතිට

by Staff writer 28-01-2021 | 11:54 AM

COLOMBO (News 1st) - මාදම්පේ, සුදුවැල්ල ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කළ අධ්‍යයනයේ වාර්තාව ලබන බදාදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට නියමිතව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, භූ විද්‍යාඥයින් සහ කැණීම් ඉංජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් මාදම්පේ ප්‍රදේශයට ගොස් ඒ පිළිබඳ සොයා බැලූ බවයි. එහි මූලික නිරීක්ෂණ අනුව තහවුරු වී ඇත්තේ, වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ කිසිදු ගැටලුවක් නොමැති බවය. එය නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ලබා දී ඇතැයි අනුර වල්පොල මහතා සඳහන් කළේ ය. ඒ අනුව අදාළ සිදුවීමට බලපෑ හේතු සහ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කෙරෙමින් පවතින බව ඔහු පැවසුවේ ය. වැලි කැණීම්වලට විරෝධය පළ කරමින් මාදම්පේ ජනතාව සත්‍යග්‍රහයක් ආරම්භ කර අදට දින 6 කි.