පුත්තලමේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

පුත්තලමේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

by Staff writer 28-01-2021 | 7:27 AM

COLOMBO (News 1st) - පුත්තලම, කල්අඩිය ගුවන් හමුදා කඳවුරු ඉදිරිපිට සිදු වූ රිය අනතුරුකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට පමණය. පුත්තලම, තල්අඩිය දෙස සිට පැමිණි ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදු විය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි. තරුණයින් දෙදෙනා 20 ත් 25 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බව පොලීසිය පැවසුවේ ය. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.