by Staff writer 28-01-2021 | 3:07 PM
COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙන PCR පරීක්ෂණ සඳහා සහභාගී වන්නැයි මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ , පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
ඉදිරියේදී සැසිවාර පැවැත්වෙන මෙන්ම නොපැවැත්වෙන දිනවලදී ද සතියකට වරක් එම පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.
පාර්ලිමේන්තුව තුළ අවසන්වරට PCR පරීක්ෂණ සිදු කෙරුණේ, පසුගිය 25 වැනිදා ය.
එදින පුද්ගලයින් 190 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබුණි.