පානදුර වෙඩි තැබීමට අදාළ ගිනි අවිය සොයා ගැනේ..

පානදුර වෙඩි තැබීමට අදාළ T - 56 ගිනි අවිය සොයා ගැනේ..

by Chathurika Jayasundara 28-01-2021 | 4:48 PM

COLOMBO (News 1st) – පානදුර , කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අදාළ T - 56 වර්ගයේ ගිනි අවිය සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 25 වැනිදා වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.