දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

by Staff writer 28-01-2021 | 6:47 AM

COLOMBO (News 1st) - බුදු සිරිපා පහසින් පළමුවරට සිරිලක වන්දනීයත්වයට පත් කළ උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කර ඇත. ඒ, එවක යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇති වූ ආරවුලක් සංසිඳවීම සඳහායි. බුදුරදුන් හමුවේ දමනය වූ තුන්බෑ ජටිලයන්, බුද්ධාගම වැළඳ ගත්තේ ද අද වැනි පොහෝ දිනකදීය.