ජීවන වියදම වැඩිවීමට එරෙහිව විරෝධතාවක්..

ජීවන වියදම වැඩිවීමට එරෙහිව තණමල්විල නගරයේ විරෝධතාවක්..

by Staff writer 28-01-2021 | 3:52 PM

COLOMBO (News 1st) – ජීවන වියදම ඉහළ ගොස් ඇති බව පවසමින් තණමල්විල නගරයේ අද විරෝධතාවක් පැවැත්විය.

විරෝධතාවේ නිරත වූවන් සඳහන් කළේ, එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි. කොවිඩ් වසංගතය හමුවේ බෙහෙවින් අසරණව සිටින ජනතාවට යම් කිසි සහනයක් ලබා දීම බලධාරීන්ගේ වගකීමක් බව ද ඔවුන් පෙන්වා දෙයි. අප වාර්තාකරු පැවසුවේ, තණමල්විල නගරයට පැමිණි පිරිස පැය කිහිපයක් විරෝධතාවයේ නිරත වූ බවයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි.