ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 28-01-2021 | 5:54 AM

දේශීය පුවත්

1. අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි: ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස් වූ බව අසන්තා ද මෙල් මහතා පවසයි. 2. 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්: අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු අවසන් කර තිබේ. 3. අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..: අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය ප්‍රතික්ෂේප කර තිබේ. 4. හෙට 11ට ලංකාවට එන්නත් ගෙනෙයි: AstraZeneca Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගත් ගුවන් යානය අද (28) පෙරවරු 11ට මෙරටට ළඟා වීමට නියමිත බව කොවිඩ් එන්නතක් ගෙන්වීම පිළිබඳ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

විදෙස් පුවත්

5. පේරු රටින් අඩක් වැසෙයි: කොරෝනා වෛරස ව්‍යාප්තිය උග්‍රවීම හමුවේ අගනුවර ඇතුළු ප්‍රාන්ත 10ක් වසා දැමීමට පේරු බලධාරීන් තීරණය කර තිබේ.