කොරෝනා පාලනයෙන් ලංකාව 10වන තැනට..

කොරෝනා පාලනය කළ රටවල් අතර ලංකාව 10 වන ස්ථානයේ ....

by Staff writer 28-01-2021 | 6:20 PM

COLOMBO (News 1st) – කොවිඩ් වෛරසය වඩාත් ඵලදායි ලෙස පාලනය කළ ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේ පසුවන බව ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන ''ලෝවි'' ආයතනය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මෙම අධ්‍යයනය අනුව ලොව ඉදිරියෙන්ම සිටින්නේ නවසීලන්තයයි. රටවල් 98 ක් යොදා ගනිමින් සිදුකර ඇති සමීක්ෂණය අනුව ඉන්දියාව 86 වන ස්ථානයේ රැඳි සිටී. කොවිඩ් වෛරසය වඩාත් ඵලදායි ලෙස පාලනය කළ ලෝකයේ රටවල් අතර 90 වන ස්ථානයේ සිටින්නේ යුක්‍රේනයයි.