home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොරෝනා එන්නත රැගත් ගුවන් යානය දිවයිනට
by Staff writer
28-01-2021 | 11:42 AM
COLOMBO (News 1st) -
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ්" එන්නත් තොගය මෙරටට ළඟා විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එම තොගය නිල වශයෙන් භාරගැනීම සිදු විණි. "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ්" එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයයි. මෙරට තුළ හදිසි භාවිතය සඳහා "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ්" කොවිඩ් එන්නත යොදා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය දා අනුමැතිය ලබා දුන්නේ ය. ඒ අනුව එම එන්නතෙන් මාත්‍රා ලක්ෂ 5 ක් අද පෙරවරුවේ නවදිල්ලි නුවර සිට බොම්බායි හරහා කටුනායකට රැගෙන ආවේ ඒ අයි 281 නමැති ශීතාගාර පහසුකම්වලින් සමන්විත ගුවන් යානයෙනි. පුද්ගලයින් 250,000 කට එන්නත් කළ හැකි අදාළ එන්නත් තොගයේ බර කිලෝග්‍රෑම් 1323 කි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේ ය. ඒ අනුව හෙට සිට මෙරට කොවිඩ් එන්නත්කරණ ආරම්භ වනු ඇති. ඒ අනුව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පළමුවත් කොවිඩ් මර්දන කටයුතු හා සම්බන්ධ ව සිටින ආරක්ෂක අංශ සහ පොලිස් සාමාජිකයන්ට දෙවනුවත්, වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට තුන්වෙනුවත් වශයෙන් එන්නත් ලබාදීමට නියමිතය. එන්නත ලබාගන්නා පුද්ගලයන් ඒ සඳහා තම ලිඛිත කැමැත්ත පළ කළ යුතු වේ. ඉන්දිය රජයෙන් ප්‍රදානයක් ලෙස හිමිවන කොවිෂීල්ඩ් එන්නත් තොගයට අමතරව චීනයෙන් සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ද ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත අතර රුසියාවෙන් ද එන්නත් මාත්‍රා තොගයක් ප්‍රදානයක් ලැබීමට නියමිතය. තවත් එන්නත් ප්‍රමාණය සපුරාලීම සඳහා එන්නත් මිලදී ගැනීම සඳහා ද රජය දැනටමත් සූදානම් වෙයි.
වෙනත් ලිපි
චාමර සම්පත්ට එරෙහි නඩුවක් කැඳවීමට දින..
මීටියාගොඩ වෙඩි තැබීම ගැන අනාවරණයක්..
ප්‍රදේශ කිහිපයකට තද වැසි
මීටියාගොඩ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
දිස්ත්‍රික්ක 8ක් සදහා නායයෑම් අනතුරු ඇගවීම්!
කෙහෙළිය ඇතුළු පවුලේ 4 දෙනෙකුට යළිත් අධි චෝදනා
විශේෂාංග
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය