මීටියාගොඩදී තරුණයෙකු ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට

මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට

by Staff writer 27-01-2021 | 4:08 PM

COLOMBO (News 1st) : මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 25 වනදා මෙලෙස ඝාතනය කර තිබුණේ, 24 හැවිරිදි තරුණයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සැකකරුවන් පැමිණි යතුරුපැදි 2 ක් සොයා ගත් බවයි. පහරදීමට යොදා ගත් උල් පිහි 2ක්, මන්නයක් සහ  කඩුවක් පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.