පේරු රාජ්‍යයේ ප්‍රාන්ත 10ක් Lockdown...

පේරු රටින් අඩක් වැසෙයි

by Sagarika Chathumali 27-01-2021 | 1:05 PM

COLOMBO (News 1st) : කොරෝනා වෛරස ව්‍යාප්තිය උග්‍රවීම හමුවේ අගනුවර ඇතුළු ප්‍රාන්ත 10ක් වසා දැමීමට පේරු බලධාරීන් තීරණය කර තිබේ.

ජනාධිපති ෆ්‍රැන්සිස්කෝ සාගස්ති නිවේදනය‌ කර ඇත්තේ, මෙම Lockdown කිරීම ලබන පෙබරවාරි 14 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි. ජනතාවට නිවසේ සිට රාජකාරී කරන ලෙස උපදෙස් දී ඇති අතර සියලු ම අත්‍යාවශ්‍ය නොවන සාප්පු, ගුවන් ගමන් අත්හිටුවීමට ද තීරණය කර තිබේ. නව වෛරස් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා යුරෝපයේ සහ බ්‍රසීලයේ සිට එන ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ද තීරණය වී තිබේ. ඊයේ දිනයේ පේරු රාජ්‍යයෙන් නව ආසාදිතයින් 4,444 දෙනෙකු වාර්තාවී ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,107,239ක් ක්වා ඉහළ ගියේ ය. වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 40,107කි. ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොරෝනා වෛරසයෙන් මිදීමට ඇති එකම මග එන්නත්කරණය බැවින් එන්නත්කරණ වැඩසටහන ලබන පෙරවාරියේ ආරම්භ කළ හැකි බවයි. ඇණුවුම් කළ Sinopharm එන්නත් මාත්‍රා මිලියන 38න් මාත්‍රා මිලියනයක් ඉදිරියේදී පේරු රාජ්‍යයට ලැබීමට නියමිතව ඇත.