නවදිල්ලියේ ආරක්ෂාව තර කෙරේ

නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කෙරේ

by Staff writer 27-01-2021 | 8:57 AM

COLOMBO (News 1st) : ඉන්දියාවේ, නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

ඒ, ගොවි විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීම හේතුවෙනි. එහිදී ගොවීන් දහස් ගණනක් සහ පොලීසිය අතර හටගත් ගැටුම්වලදී විරෝධතාකරුවකු මියගොස් පොලිස් නිලධාරීහු 80 ක් පමණ තුවාල ලැබූහ. ජනරජ දිනයදා ඉන්දියාවේ රතු බලකොටුවට කඩාවැදුණු ඇතැම් විරෝධතාකරුවන් ඉන් පිටවූයේ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි. ඉන්දීය රජය හඳුන්වා දුන් නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව එම විරෝධතා ක්‍රියාත්මක වේ.