''විකුණන්නෙත් නෑ... බදු දෙන්නෙත් නෑ'' - නාමල්

''විකුණන්නෙත් නෑ... බදු දෙන්නෙත් නෑ'' - නාමල්

by Sagarika Chathumali 27-01-2021 | 2:27 PM

COLOMBO (News 1st) : එදා සිට පැහැදිලි ලෙස ම ජාතික සම්පත් විජාතිකරණයට එරෙහිව නැගී සිටි බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (26) පැවසුවේ, ජනතාවගේ හදගැස්ම මෙන්ම ජාතික අවශ්‍යතාව ද තේරුම් ගත යුතුව ඇති බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සම්පූර්ණ වරායක් විකුණන අවස්ථාවේ නිද්‍රාශීලිව සිටි පිරිස් අද ජැටියක් ගැන පමණක් කතා කිරීම ගැන කනගාටු වන බවයි.
''හැබැයි මට තියෙන කනගාටුව තමයි එදා සම්පූර්ණ වරායක් විකුනනකොට නිදියාගෙන හිටපු අය අද ජැටියක්ගැන කතා කරනවා. එතකොට මට අහන්න තියෙන්නේ ඒ අයගෙන් හම්බන්තොට වරාය ජාතික සම්පතක් නෙවෙයිද? කියන ප්‍රශ්නය අහන්න තියෙනවා''
නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරිපත්වන පරස්පර විරෝධි අදහස් සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් එහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ය. ඊට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය. ''නෑ මං හිතන්නේ එක් එක් අයගේ මත තියෙනවා.මං හිතන්නේ මම එකට මතයක් ඉදිරිපත් කිරීම සාධාරණ වෙන්නේ නෑ.මොකද මම කැබිනට් මණ්ඩලයේ ඉන්නවා කැබිනට් මණ්ඩලයට එකට විරෝධය හෝ සහායදී කතා කරන්න පුලුවන්.මම විශ්වාස කරන දේ තමයි අපි පක්ෂය ඇතුලේ අරගල කළ යුතු දේවල් මාධ්‍ය තුළ අරගල කරන්න හොද නෑ''