කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්

by Staff writer 27-01-2021 | 3:21 PM

COLOMBO (News 1st) - කොවිඩ් ආසාදිතයින් නිරෝධායනයෙන් මුදා හැරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

කොවිඩ්19 ආසාදිතයින්ගේ ප්‍රතිදේහ වර්ධනය වී ඇත්නම් නිරෝධායනයෙන් මුදාහල හැකියි. රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ප්‍රගතියක් ඇත්නම් පී.සී.ආර් පරීක්ෂණයේ සිට 10 වැනි දිනයේදී ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවිය හැකිය. එවැනි සුව වන ආසාදිතයින් තව දින 04 ක් නිවසේ රැඳී සිටිය යුතුයි. වැඩිහිටි නිවාස, හෝටල් හා බන්ධනාගාරගතව සිටින ආසාදිතයින්ට 10 වැනි දිනයෙන් පසු ගෙවෙන දින 04 ප්‍රතිකාර මධ්‍යස්ථානයේම රැඳී සිටීමට සිදු වේ.