ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

by Sagarika Chathumali 27-01-2021 | 11:27 AM

COLOMBO (News 1st) : ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ කොරෝනා අර්බුදය හමුවේ ඉතාලි රජය, රාජ්‍ය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ඉතාලි රජයට විවේචන එල්ලවන පසුබිමකදීයි. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුට නව සභාග රජයක් පිහිටුවීමට හා නායකත්වය දීමට හැකි වේද යන්න පැහැදිලි නෙමැති බවයි. කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ පුද්ගලයෝ 85,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.