home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා දිස්ත්‍රික්ක හා ප්‍රදේශ
by Sagarika Chathumali
27-01-2021 | 9:44 AM
COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (26) මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 755 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, එම ආසාදිතයින් අතරින් 7 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගත් බවයි. ඉතිරි ආසාදිතයින් 748 දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 369 කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80 ක් ලෙස වාර්තා වී තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 80 දෙනා අතරින් 65 දෙනෙකු ම හඳුනා ගෙන ඇත්තේ මතුගම ප්‍රදේශයෙන් වීම විශේෂත්වයකි. අනෙක් ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, සෙසු දිස්ත්‍රික්ක වලිනි. පසුගිය පැය 24 තුළ සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 709 කි. අද වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59922ක් වන අතර පුද්ගලයින් 51046ක් පූර්ණ සුවය ලබා ඇත. ආසාදිතයින් 8,588 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඊයේ මරණ එක් මරණයක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගියේ ය. එලෙස මිය ගොස් ඇත්තේ, රාගම ප්‍රශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි. අද (27) දිනයේදී ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 8,030 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 16,431 කි.
වෙනත් ලිපි
බදාදා දින දුම්රිය ධාවන කාල සටහන.
හිටපු ජනපති ගෝඨාභයට අල්ලස් කොමිසමට...
සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න..
ඉන්ධන පිරිමැසීම පිළිබඳ ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
බදාදාට මොකද වෙන්නේ?
බදාදා නිවාඩු දිනයේ පොදු ප්‍රවාහන සේවා සීමා කෙරේ
විශේෂාංග
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය