බ්‍රසීල ගුවන් අනතුරකින් ක්‍රීඩකයින් 4ක් මරුට

බ්‍රසීල ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් 4ක් මරුට

by Staff writer 26-01-2021 | 12:00 PM

COLOMBO (News 1st) : බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් එරට පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අනතුර සිදු වූයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ ගුවන් තොටුපොළකදී යානය ගුවන්ගත වන අතරතුරදීයි. මියගිය ක්‍රීඩකයින් අයත් වන්නේ බ්‍රසීලයේ පැල්මාස් එෆ්.සී. ක්‍රීඩා සමාජයටයි. මේ ක්‍රීඩකයින් තරගාවලියකට සහභාගී වීමට ගොස් සිටියදී කළ පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග යළි සිය ප්‍රාන්තය බලා පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබේ. මියගිය පිරිසට අදාළ ක්‍රීඩා සමාජයේ සභාපති සහ කළමනාකරු ද සිටියහ.