ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-01-2021 | 6:45 AM
දේශීය පුවත් 1. ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග :ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිෂ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 01 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරිණි. 2. සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි : සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ. 3. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයක සේවා තාවකාලිකව නවතී : මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. 4. පාඨලී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගනී : පාඨලී චම්පික රණවක සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. 5. මන්ත්‍රී වසන්ත යාපාගේ ආශ්‍රිතයින් සොයයි: කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගිය 19 වන දා පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි, පාර්ලිමේන්තු පාලනාධිකාරිය පවසයි. විදෙස් පුවත් 1.කොරෝනා පැරදූ නවසීලන්තයෙනුත් නව ආසාදිතයෙක්: මාරාන්තික කොරෝනා වෛසරය ඉතා සාර්ථකව පාලනය කළ නවසීලන්තයෙන් මාස කිහිපයකට පසු නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබේ.