COVID Vaccine: යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා එන්නත් අපයන නීති දැඩි රන බවට යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීම්

by Staff writer 26-01-2021 | 1:23 PM

COLOMBO (News 1st) : කොරෝනා මර්දන එන්නත් අපනයනය සම්බන්ධයෙන් පවතින නීති දැඩි කරන බවට යුරෝපා සංගමය අනතුරු අඟවයි.

ඒ , Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගී ඇති පසුබිමකදී ය. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ට ලබාදීමට පොරොන්දු වූ එන්නත් සංඛ්‍යාව කප්පාදු කිරීමට AstraZeneca එන්නත් නිෂ්පාදකයින් පියවර ගැනීම ඊට හේතුවයි. කෙසේ වෙතත් එම එන්නත් නිෂ්පාදන සමාගම පවසන්නේ, නිෂ්පාදන ක්‍රියාවලියේ දුර්වලතා මීට හේතුව බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අර්බුදය ෆයිසර් සහ බයෝ එන් ටෙක් එන්නත් නිෂ්පාදනය කරන අමෙරිකාව සහ ජර්මනිය , එම එන්නත් බ්‍රිතාන්‍යයට ලබාදීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කරනු ඇති බවයි. බ්‍රිතාන්‍යයට ෆයිසර් - බයෝ එන් ටෙක් එන්නත් සපයන්නේ බෙල්ජියමේ පිහිටි නිෂ්පාදන ආයතනයක් විසිනි.