''ක්‍රීඩකයො වගකීම භාර ගන්න ඕන...'' - සනත්

''ක්‍රීඩකයො වගකීම භාර ගන්න ඕන...'' - සනත්

by Sagarika Chathumali 26-01-2021 | 3:31 PM

COLOMBO (News 1st) : ඇද වැටී ඇති  ක්‍රිකට් යළි ඉහළට ඔසවා තැබීමේ වගකීම ඇත්තේ, ක්‍රීඩකයින් අත බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසයි.

සනත් ජයසූරිය මේ බව පැවසුවේ, ඊයේ (25) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයට අවශ්‍ය ක්‍රීඩා උපකරණ පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවයක් අතරතුර මාධ්‍යට අදහස් දක්වමිනි. තම තමන් අතින් සිදුවන වැරදි ක්‍රීඩකයින් හොඳාකාරවම දන්නා බැවින් එම වැරදි නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු එහිදී අවධාරණය කර සිටියේ ය. කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කර හොඳ තරගයක් දී පරාජය වුව ද ප්‍රේකෂකයින් එය ප්‍රශ්න නොකරන බවත් පසුගිය සංචාරවලදී සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියේදී තේරීම් කමිටුව හා විධායක කමිටුව සාකච්ඡා කර තීන්දු තීරණවලට එළැඹිය යුතුව  ඇති බව ත්  ඔහු එහිදී  වැඩිදුරටත් සඳහන් කළේ ය. සනත් ජයසූරිය ක්‍රීඩාංගණයට අවශ්‍ය එම ක්‍රීඩා උපකරණ පිරිනැමීම සිදු කෙරුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙනි. https://www.youtube.com/watch?v=4Wi5GPsBh6A&feature=youtu.be