එන්නත් දෙන ඉන්දියාවට ලක් රජයේ ප්‍රසාදය

එන්නත් දෙන ඉන්දියාවට ලක් රජයේ ප්‍රසාදය

by Staff writer 26-01-2021 | 12:25 PM

COLOMBO (News 1st) : සිය රටේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නත් ලක්ෂ 5 ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ.

AstraZeneca Covishield එන්නත් තොගය ලබන 28 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් දන්වා ඇතැයි අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් ලක් රජයේ ප්‍රසාදය සහ කෘතඥතාව ඉන්දියාවට පළ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.