යුරෝසන් නැව අලුත්වැඩියාවට අවසර ඉල්ලයි

අනතුරට පත් වූ එම්.වී. යුරෝසන් නෞකාව නිරීක්ෂණයට 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

by Staff writer 26-01-2021 | 4:37 PM

COLOMBO (News 1st) - අනතුරට පත්ව ඇති එම්.වී. යුරෝසන් නෞකාවේ සිදුව ඇති හානිය අලුත්වැඩියා කිරීමට එම නෞකාව අයිති සමාගම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.

එහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තමන් නිලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. නෞකාව ආසන්නයේ ඇති මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් එම ස්ථානයේ නිරීක්ෂණ සිදු කිරීමට අපහසු වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ ය. එහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ එම මුහුදු ප්‍රදේශයට ගිය බවය. එහෙත් එම ප්‍රදේශයේ ඇති මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ප්‍රදේශයේ නිරීක්ෂණ කිරීම අපහසු වී තිබේ. අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පසුගිය 23 පෙරවරුවේ අනතුරට ලක් විය. නෞකාව අනතුරට ලක් වුණේ, හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසළදී ගල් පරයක ගැටීමෙනි.