
වතු සේවක වැටුප වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
වතු සේවක වැටුප වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : පඩි පාලක සභා මගින් වැවිලි අංශයේ සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ, කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
2020 නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් වැවිලි අංශය සඳහා රුපියල් 100 ක දෛනික වැටුපක් දීමට යෝජනා කෙරිණ.
ඒ අනුව අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
මේ අතර වැවිලි ප්‍රජාවගේ පවතින වතු නිවාස ඉවත් කර ඒ වෙනුවට නව නිවාස ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
පසු කාලීනව අදාළ නිවාස මහල් දෙකක් වශයෙන් වැඩිදියුණු කළ හැකි පරිදි වර්ග අඩි 550 කින් සමන්විත නිවසේ පළමු අදියර රුපියල් මිලියන 1.3 ක් වැය කර ඉදි කෙරෙනු ඇති.
සත්ත්ව පාලනය සහ ගෙවතු වගාව සඳහා අමතර පර්චස් 3 ක් සෑම ප්‍රතිලාභියෙකුටම හිමිවේ.
නිවාස ඉදිකිරීමේ වටිනාකමින් 50% ක් පමණක් වසර 20 ක කාලයක් තුළදී ප්රතිලාභීන්ගෙන් නැවත අයකර ගැනීමට ද නියමිතයි.
ලැයිම් නිවාස පැවති ස්ථානයේ නව නිවාස ඉදිකරන තෙක්, එහි පදිංචිකරුවන් ඊට ආසන්න ස්ථානයක තාවකාලිකව පදිංචිකරවීමට පහසුකම් සැලසීම ද අදාළ යෝජනාවට ඇතුළත් වේ.
- BREAKING NEWS: කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ..
- කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට
- තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වෙයි
- පාස්කු වාර්තාව අසම්පූර්ණයි – වාසුදේව
- පාස්කු ප්‍රහාරය ගැන කොමිසම් වාර්තාව ශ්‍රීලනිප විධායක කමිටුව ප්‍රතික්ෂේප කරයි..
- හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යළිත් ශ්‍රීලනිප සභාපති ධුරයට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 ක් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ..
- ‘හෙළ වෙදකමේ යටගියාව’ කෘතිය ජනපතිට පිළිගන්වයි
- සා /පෙළ විභාගයට අදාළව සෑම දිස්ත්‍රික්කයකම විශේෂ විභාග මධ්‍යස්ථාන
- චීනය දරිද්‍රතාව තුරන් කළ රටක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ