ලොව සුපිරි ධනවතුන්ගේ රහස්‍යභාවය රකින යුරෝපයේ කුඩාම රටක් සමග ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹයි..

කර්තෘ Staff writer

26 Jan, 2021 | 8:15 pm

COLOMBO (News 1st): යුරෝපයේ කුඩාම රාජ්‍යයක් ලෙස සැලකෙන ලිච්ස්ටෙන්ස්ටයින් (Liechtenstein) රට සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය අද(26) හිමි විය.

යුරෝපයේ සිව්වැනියට කුඩාම රාජ්‍යය වන ලිච්ස්ටෙන්ස්ටයින් රාජ්‍යයේ ජනගහනය 32,000ක් පමණ වේ.

වර්ග කිලෝමීටර 160ක භූමි භාගයක පිහිටා ඇති මෙම රට සැලකෙන්නේ නිදහස් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලොව සුපිරි ධනවතුන් ආකර්ශනය කරගන්නා රටක් ලෙසය.

සුපිරි ධනවතුන්ගේ ගනුදෙනු පිළිබඳ රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය සුරැකීමට මෙම රාජ්‍යය නම් දරා සිටී.

එම රටේ ජනගහනයට වඩා, ලියාපදිංචි කළ සමාගම් සංඛ්‍යාව වැඩිවීම තවත් විශේෂත්වයකි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]